Yoho Bed හි වෙළඳ නාමයේ ශක්තිය අපි ඔබ සමඟ බෙදා ගන්නෙමු. අපගේ ජාත්‍යන්තර හෝටල් කාමර බෙදාහැරීමේ ජාලයන්, තෙවන පාර්ශව අලෙවිකරන ජාල සහ නවීන අළෙවිකරන ක්‍රමවේද සහ සේවාවන් ලබා ගෙන ඔබගේ හෝටලය වැඩි දියුණු කර ගන්න .
Yoho Bed සමඟ ඔබගේ සංචාරක හෝටලයේ කාමර වෙන්කිරීම, කළමණාකරනය කිරීම සහ නවීන තාක්ෂණය යොදා ගැනීම මගින් ඔබගේ හෝටලයේ කාර්යක්ෂමතාව වැඩිකරගන්න.
අප විසින් ඔබ හට අපගේ 24 පැය පාරිභෝගික සේවයේ සහ සංචාරකයන්ගේ අදහස් හා යෝජනා කළමණාකරනය කිරීමට අවශ්‍ය සහය ලබා දෙනු ලැබේ. ඔබගේ සංචාරක හෝටලයේ සමස්ථ සේවය විශිෂ්ට මට්ටමකට වැඩි දියුණු කරගැනීම සඳහාද අපි ඔබට සහය දෙන්නෙමු.
සංචාරක හෝටලයක් පවත්වා ගැනීමට අදාල පුහුණු කිරීම් සහ අවශ්‍ය කරන අනෙකුත් සේවාවන් අප විසින් ඔබ හට ලබා දෙනු ලැබේ.
“මම නිවසේ සිට සංචාරක නවාතැන්පලක් පවත්වාගෙන යමි. මුල් අවධියේදී සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම මා හට විශාල අභියෝගයක් විය. Yoho Bed සමඟ හවුල්වීමෙන් පසු මාගේ හෝටලයට සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වැඩි වීමක් විය . ඔවුන් දෙන සහයෝගය නිසා මට සංචාරකයන් සඳහා සුවිශේෂී සේවාවක් ලබා දෙන්න හැකි වී තිබෙනවා."
හර්ශිනි, Yoho Frangipani“මගේ හෝටලයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සහ නඩත්තු කිරීම සඳහා මට Yoho Bed ආයතනයෙන් ලැබුණු උපකාරය අති මහත්ය. Yoho Bed කාර්යමණ්ඩලය හැම විටම අප ගැන සැලකිලිමත් වන අතර අපට සේවය වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරන උපදෙස් නිරතුරුව ලබා දේ . එබැවින් මා හට සෑම විටම, සංචාරකයින්ගේ අපේක්ෂාවන් ඉටු කිරීම පහසු වී ඇත .”
කළන ජයසූරිය, Yoho Lavinia Villa“Yoho Bed සමඟ හවුල් වී දවස් ගනනක් ඇතුලත, මගේ ආදායමේ සුවිශාල වර්ධනයක් දකින්නට ලැබුනා. Yoho Bed විසින් සපයන ලද තාක්ෂණික සහාය, මගේ හෝටලයේ සියලු කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීමට උපකාර විය."
K. හිත්ගොඩ, Yoho Kandy City Restපෝරමය පිරවීමෙන් පසු, අපගේ නියෝජිතයෙක් විසින් ඔබව සම්බන්ධ කර ගනු ඇත. ඔබගේ සංචාරක හෝටලය අපගේ ප්‍රමිතීන් සපුරාලන්නේද යන්න සනාථ කර ගැනීම සඳහා පරික්ෂා කිරීමෙන් පසු ඔබගේ හෝටලය Yoho Bed හෝටල් ජලයට ඇතුලත් කරගනු ඇත.
Tසංචාරකයින්ට ගෙවීම් කළ හැකි ක්‍රම දෙකක් ඇත. Online ගෙවීම් Yoho Bed ගිණුමට බැර වේ. අප විසින් ඔබට අදාළ ගෙවීම ඉන් පසු ඔබගේ ගිණුමට බැර කරනු ඇත. සංචාරකයා හෝටලයේදී කරන ගෙවීම ඔබ විසින් එකතු කළ යුතුය. අප විසින් ඊට අදාල ඉන්වොයිසය ඔබට යොමු කළ පසු, අපට ගෙවිය යුතු මුදල සහ OTA වෙත කළ යුතු මුදල ඔබ විසින් අප ගිණුමට බැර කල යුතු වේ.
අප විසින් ඍජුවbookings ලබා නොදෙන අතර අපගේ ජාත්‍යන්තර හෝටල් කාමර බෙදාහැරීමේ ජාල සහ තෙවන පාර්ශව අලෙවිකරන ජාල හරහා ස්මාර්ට් මිල උපාය මාර්ග භාවිතා කර අප විසින් ඔබට වැඩි අලෙවියක් ලබා දෙන්නෙමු .
අප විසින් ලබා දෙන ෂැම්පු, සබන් වැනි දෙයෙහි ලේබල් වල කිසිදු වෙනසක් කිරීමට අවසර නැත.
අප විසින් ඔබගේ හෝටලයේ සියලුම OTA ලියාපදිංචි කළමණාකරනය කරනු ලබයි. එහිදී මිල සමානාත්මතාව පවත්වා ගැනීම සහ හෝටලයේ සීමාව ඉක්මවා වන වෙන් කිරීම වළක්වා ගත හැක.
අපි booking.com වැනි තෙවන පාර්ශව අලෙවිකරණ ජාල සමඟ වැඩි විකිණීම් සහ අලෙවිකරන සේවාවන් සඳහා හවුල් වී වැඩ කරන්නෙමු. අපගේ ඒකායන අරමුණ ඔබගේ හෝටලයට දියුණුව ළඟා කරදීමයි. සංචාරකයින්ට අපගේ අලෙවිකරන ජාල හරහාද ඍජු වෙන්කිරීම් කළ හැක.